26 May 2013, 08:40 AM
YORK.N0000 As of 26 May 2013
Last Trade 01:25:19 10.10
Change 0.00 0.00
Volume 300
Today's Open 0.00
Today's High 10.50
Today's Low 10.10
X
Loading....

වෙළෙඳපොළ ක්‍රියාකාරකම්As of 26 May 2013

වෙළෙඳපොළ | -

පිරිවැටුම-කොටස් ප්‍රමාණය-

- - -%
- - -%

අප ගැන

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන අතර සමාගම් හා ආයෝජකයින් එක් කිරීම සදහා පාරදෘශ්‍ය හා විධිමත් පරිසරයක් සකස් කිරීම හා පවත්වාගෙන යාම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වගකීමයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ඇපයෙන් සීමිත සමාගමක්ලෙස 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේස්ථාපනය කොට ඇත. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හාවිනිමය කොමිසන් සභාව මගින් ‍ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට බලපත්‍ර ලබාදී ඇති අතර සමාජික ආයතන 15 ක හා වෙළෙද සාමාජික ආයතන 14 ක අන්‍යෝන්‍ය සහභාගීත්වයෙන් ආයතනය ක්‍රියාත්මක වේ. මෙකී සමාජික ආයතන 15ට හා වෙළෙද සාමාජික ආයතන 14ට කොටස් තැරැව්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලපත්‍ර ශ්‍රී ලංකා සුරැකුම්පත් හාවිනිමය කොමිසන් සභාව මගින් ලබාදී ඇත.

වර්තමානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ක්‍රියාකරු ලෙසත් කොළඹ කොටස් වෙළෙඳපොළේ පරිපුර්ණ හිමිකාරිත්වය සහිත ˝මධ්‍යම තැන්පතු ක්‍රමය˝ පුද්ගලික සමාගම පියවීම හා නිශ්කාෂණ ක්‍රියාකරු ලෙසත් පහසුකම් සැපයීමේ නිරත වී සිටී. එමෙන්ම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නියාමනය, රෙගුලාසිකරණය, සංස්ථාපිත ලැයිස්තුගත සමාගම් අතර ප්‍රමිතීන් හඳුන්වාදීම හා පවත්වාගෙනයාම සහ ආයෝජකයින්ට අවශ්‍ය දැනුම්වත්භාවය ලබාදීම සිදුකරයි.

එපමණක්ද නොව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ක්‍රියාකාරීත්වයන් අතර බාහිර පාර්ශ්වයන් සමඟ පවත්වන සම්බන්ධතා ඉතා වැදගත් ස්ථානයක් ගනී.ගනුදෙනුකරුවන්, හිමිකරුවන් එනම් විවිධාකාරයේ සුරැකුම්පත් නිකුත් කරන ආයතන (සමාගම්,සංස්ථා,ඒකක භාර) වාණිජ බැංකු,ආයෝජන බැංකු,අරමුදල් කළමනාකරුවන්, කොටස් තැරැව්කාර ආයතන, මුල්‍ය උපදේශකවරුන්, වෙළෙඳපොළ දත්ත විකිණුම්කරුවන් සහ ආයෝජකයින් ආදී සියලු පාර්ශ්ව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමඟ සබඳතා පවත්වයි.